පසු ගියදා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා විශ්විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණ කිහිපයකින් චොක්ලට්වල පවතින ගුණාත්මක වටිනාකම් පිළිබඳව හෙළිදරව්වක් කර තිබුණා. චොක්ලට් සතු ඉහළ කැලරි අගය චොක්ලට්වල අඩංගු ශාක ස්ටෙරෝල (Plant Sterols) හා කොකෝවා ්‍යලැවනෝල් (Coooa Flavanols) සතු විශ්මිත පෝෂණ ගුණාංග අනුව චොක්ලට් පෙති 3 – 4 ක් පමණ දිනපතා ආහාරයට ගැනීමෙන් රුධිරයේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් (LDL) පැහැදිලි ලෙස පහත හෙළීම සිදුවේ. මේ සඳහා දැනටමත් රුධිර කොලෙස්ටරෝල් ඉහළ අගයක ඇති අය මෙතෙක් හුරුවී තිබු මේද බහුල ආහාරවේල් මේද අඩු ආහාර වේල්බවට පත්කර ගන්නා අතරම දිනකට චොක්ලට් පෙති 3 – 4ක් ආහාරයට ගැනීම (එකවර නොවේ) තුළින් රුධිර කොලෙස්ටරෝල් (LDL) අගය පහත හෙළිය හැකිය. හේද බහුල පෙර පුරුදු ආහාර සිරිත් නවතා යහපත් ආහාර සිරිත්වලට යොමු නොවී චොක්ලට් අනුභව කිරීමෙන් මේ යහපත උදාකරගත නොහැකි බවත් ඔබ සිහිතබා ගත යුතුය.
Subscribe to:
Post Comments (Atom)

Post a Comment